භූ වැලිකඩ කඩා වැටුණු නිවස ප්‍රමිතියක් නෑ

0
35

මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව ප්‍රමිතියෙන් තොරව කරන ලද ඉදිකරීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. ඔවුන් මෙම ගොඩනැගිල්ල පිළිබඳ කරන ලද පරීක්ෂණවල දී ඒ බව තහවුරු කරගෙන ඇත.

සිද්ධිය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදුකළ විමර්ශනයේ වාර්තාව ඊයේ
(30) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාට සහ මහනුවර දිස්ත්‍රික්
ලේකම්වරයාට භාර දී තිබේ.

පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටුණු ස්ථානයේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු තවදුරටත් සිදු
කෙරෙමින් පවතී.

එම ස්ථානය අවට නිවාස පහක නිවැසියන්ට ඉන් ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ
ආයතනය මීටපෙර දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වී ඇත්තේ එම ස්ථානයේ නායයාමේ කිසිදු
අවදානම් තත්ත්වයක් නොමැති බවය.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඇති මෙවැනි අවදානම් තත්ත්වයේ ගොඩනැගිලි
සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මධ්‍යම පළාත් ආණඩුකාරවරයාගේ උපදෙස් පරිදි වි‍ශේෂ වැඩපිළිවළක් ආරම්භකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here