කොරොනා වයිරසය 2021 වර්ෂයේ දී ද පවතිනු ඇතැයි ද එන්නත් කෙරෙහි පමණක් විශ්වාසය නොතබා නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නව වසර වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
2019 දෙසැම්බරයේ ආරම්භ වී 2020 වර්ෂය පුරාම පැවැති කොරෝනා වයිරසයෙන් ලෝකයට සිදුවූ බලපෑම අති මහත්ය. මෙම වසංගතය හේතුවෙන් සිදුවුණු ආර්ථිික හානිය අතිශය දරුණු වෙයි. ලෝකය පුරා ලක්ෂ ගණනකගේ රැකියා අහිමි වී ඇත. ගුවන් සේවා නවතා දැමීම හේතුවෙන් සංචාරක කර්මාන්තය මුළුමනින් ම බිඳ වැටිණි.
මේ වනවිට රටවල් කිහිපයක ම කොරෝනා අඩපණ කළ හැකි එන්නත් භාවිතයට ගෙන ඇත. ඇමෙරිකාවේ ෆයිසර්, ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් නිපදවූ එන්නත ඇමෙරිකාවේ මොඩර්නා සමාගම නිපදවූ එන්නත සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ඒ අතරින් ප්‍රධාන වෙයි.
ෆයිසර් එන්නත දැනටමත් බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක ලබා දෙයි. මොඩර්නා එන්නත තවමත් ලබාදෙන්න් ඇමෙරිකාවේ පමණි. එම එන්නත් දෙකම මාත්‍රා දෙකකින් යුක්ත වන අතර වයිරසයට එරෙහිව ප්‍රතිශක්තියක් නිර්මාණය වන්නේ දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් පසුවය. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන දෙවැනි මාත්‍රාව ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඇමෙරිකන් හෙදියකට කොරෝනා සෑදුනු බව ද වාර්තා වී තිබේ.
“එන්නත් බෙදා දීම ආරම්භ වී තිබෙනවා. 2021 නව වසර පුරා එන්නත් බෙදා දීම සිදුවේවි. ඒත් එන්නත් කෙරෙහි පමණක් විශ්වාස තබන්න එපා. මුහුණු ආවරණ පළඳින්න, අත් පිරසිදුව තබාගන්න. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන්න. ලොව අප කවුරුත් මෙම යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපදින්න ඕනෑ. තමන් කොරෝනා ආසාදිතයක් නොවීමටත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව කොරෝනා ආසාදිතයකු නම් එය අන් අයට ආසාදනය වීම වැළැක්වීමටත් සෑම කෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ. නව සාමාන්‍ය ක්‍රමයට අපි හුරු වී අනුගත වී අවසන්. එය මෙම නව වර්ෂය පුරාම පවත්වාගෙන යන්න අපට සිදුවේවි.” යැයි ලේාක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්නොම් ගෙබ්‍රියේසිස් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.