-0.1 C
New York

වතු කම්කරු වැටුප් වැඩි කරන්න හාම්පුතුනගේ කැමැත්ත නෑ

Published:

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000.00 දක්වා ඉහළ දැමීමට වතු හිමිකරුවන් මේ දක්වාම කැමැත්ත ලබා දී නැතැයි වැවිළි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

පඩි පාලක සභාව මගින් හේ අදාල වැටුප ලබාගැනීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා උත්සාහ කරන බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පවසන්නේ මේ මස අවසන්වීමට පෙර යම් විසඳුමක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි. මේ පිළිබඳ සියලු පාර්ශව අවසන් එකඟතාවකට මෙතෙක් පැමිණ නොමැති බැවින් ඒ ගැන සාකච්ඡා කිරීමට යළි රැස්විමට නියමිත බව කම්කරු අමාත්‍යාංශය පවසයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් විය යුතු බවට පසුගිය 2020 පෙබරවාරි 14 වැනි දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබූ අතර එය අනුමත කෙරිණි. ඉන් පසු අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ දමන බව යෝජනා කළේය.

Related articles

Recent articles

spot_img