spot_img

යේමනයේ කැබිනට් මණ්ඩලය ඉලක්ක වූ ප්‍රහාරයෙන් 22ක් මරුට

පුවත්

විදෙස්

යේමනයේ දකුණු දිග ඒඩ්න් නගරයේ ගුවන්තොටුපලට එල්ලවූ ප්‍රහාරයකින් 22දෙනකු පමණ මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති.

අලුතින් පිහිටුවන ලද සන්ධාන රජයේ බලය බෙදා ගැනීම සම්බන්දයෙන් සෞදියේ පැවති සාකච්ඡා අවසන්වී නව කැබිනට් මණ්ඩලය ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් සුළු මොහොතකට පසු මෙම ප්‍රහාර එල්ලවී ඇත.

තුවාල ලැබූවන් අතර සහන සේවකයින් සහ නිලධාරීන් ද සිටිති. කෙසේවුවද අග්‍රාමාත්‍ය මේන් අබ්දුල්මාලෙක් පවසා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති බවයි.

මෙය හවුති කැරළිකරුවන්ගේ බියගුලු ත්‍රස්ත ක්‍රියාවක් බව යේමන රජය චෝදනා කරයි. නමුත් මෙතෙක් එම කණ්ඩායම ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැත.

පිපිරීම් ආරම්භවීමත් සමග ඇමතිවරුන් පිළිගැනීම සඳහා ගුවන්තොටුපලේ රැස්ව සිටි පිරිසක් පලායන අයුරු වීඩියෝ දර්ශන මගින් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ අවම වශයෙන් පිපිරීම් දෙකක්වත් සිදුවූ බවයි. රොයිටර් පුවත් සේවයට ආරක්ෂක අංශ පවසා ඇත්තේ ෂෙල් වෙඩි ප්‍රහාර තුනක් එල්ලවූ බවයි. 

https://www.bbc.com/news/world-middle-east-55484436

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles