සිරියාවේ නැගෙනහිර ඩෙයර් අල් – සෝර් පළාතේ දී බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 28දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
නිරීක්ෂණ කන්ඩායම් පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ සොල්දාදුවන් පිරිසක් බවයි. මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩි අගයක් විය හැකි බවද ඔවුහු පවසති. ඔවුන් පවසන්නේ බසයේ සොල්දාදුවන් 40ක් පමණ ගමන්කර ඇති බවයි.
මෙය ප්‍රතික්ෂේප කරමින් සිරියානු රජයේ මාධ්‍ය පවසන්නේ සාමාන්‍ය ජනතාව ගමන් කළ බස් රථයක් වෙත ප්‍රහාරය එල්ලවී ඇති බවයි.
සිරියානු මානව හිමිකම් නිරීක්ෂණාගාරය පවසන්නේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සම්බන්ද ජිහාඩ් සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. එය සැලසුම් සමගතව සිදුකළ ප්‍රහාරයක් බවද ඔවුහු පවසති.
කෙසේවුවද ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් බාරගෙන නොමැත.