spot_img
spot_imgspot_img

දකුණේ ආසාදිතයන් සුවය ලැබීමේ අඩුවක්?

පුවත්

විදෙස්

දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 987 ක් මේ දක්වා වාර්තා වී ඇති අතර ඉන් 419 දෙනෙක් සුවය ලබා යළි තම නිවෙස්වලට පැමිණ සිටිති. ඊයේ (30) දිනයේ වාර්තා වූ ආසාදිතයන් 27 දෙනා ද සමගින් පුද්ගලයෝ 568 දෙනෙක් තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබති.

වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වූ ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගීන් 566ක් අතරින් 264 දෙනකු මේ වනවිට සුවය ලබා සීටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ සුවය ලබා ඇති ප්‍රතිශතය 46.64% වේ. මේ අතර මාතර දිස්ත්‍රික්කයේ වාර්තා වූ ආසාදිතයන් 342ක පිරිස අතරින් පුද්ගලයන් 122ක් සුවය ලබා නිවෙස්වලට පැමිණ සිටිති. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් අතරින් මේ දක්වා සුවය ලබා ඇත්තේ 35.67% ප්‍රතිශතයකි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 79ක් වන අතර ඉන් පුද්ගලයන් 33ක් යළි නිවෙස්වලට පැමිණ සිටියි. එය ප්‍රතිශතයක් ලෙස සැලකූ විට 41.77% කි.

මෙය ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සහ මේ දක්වා සුවය ලබා ඇති පුද්ගලයන් ප්‍රමාණය සළකා බැලූ විට ඉතා අඩු අගයක් ගනී. ශ්‍රී ලංකාවේ සමස්ථයක් ලෙස සැළකූ විට 82.3% ප්‍රමාණයක් මේ වනවිට සුවය ලබා තිබේ. නමුත් ගැටලුව වන්නේ දකුණේ ආසාදිතයන් සුවය ලැබීම ඉන් අඩක් පමණ වීමයි. එය ප්‍රතිශතක් ලෙස සැළකූ විට 42.45% අගයකි.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 204කි. ඊට අමතරව බලපිටියෙන් 91ක්, ඉඳුරුව 79ක්, බෝපේ පෝද්දල 55ක්, කරන්දෙණිය 28ක්, රත්ගම 18ක්, අම්බලන්ගොඩ හා බද්දේගම 15ක් බැගින් වාර්තා වී ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 අතරින් එම කොට්ඨාස 08 හි පමණක්. ආසාදිතයන් 505ක් වාර්තා වී ඇත. එය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් 89.22% ක ප්‍රතිශතයකි.

මාතර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි එම සංඛ්‍යාව 111කි. ඊට අමතරව දික්වැල්ලෙන් 73ක්, වැලිපිටිය 42ක්, දෙවිනුවර 33, මාතර නගරය 18ක්, අකුරැස්ස 13ක්, කැකණදුර 12ක්, පස්ගොඩ 11ක් හා කඹුරුපිටිය 10ක් වශයෙන් ආසාදිතයන් ද වාර්තා වී තිබේ. මාතර ප්‍රාදේශීය සෞඛය සේවා කොට්ඨාස 17 අතරින් එම කොට්ඨාස 09 තුළින් පමණක් ආසාදිතයන් 323ක් වාර්තා වන්නේ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදියන් 342 අතරින් 94.44% ක ප්‍රතිශතයක් වාර්තා වෙමිනි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තාවන්නේ 29 දෙනකු ලෙසිනි. අඟුණුකොළපැලැස්ස ආසාදිතයන් 13ක්, අම්බලන්තොට 11ක් හා හම්බන්තොට 09ක් ලෙස ආසාදිතයන් වාර්තා වෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 11 අතරින් එම කොට්ඨාස 04 තුළ පමණක් ආසාදිතයන් වාර්තාවන්‌නේ දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයන් අතරින් 78.48% ප්‍රමාණයක් එම කොට්ඨාසවලින් වාර්තා වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!