-3.7 C
New York

කාත්තන්කුඩි කොරෝනා අවදානමක් නිසා හුදකලා කරයි

Published:

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින 05ක කාලයක් හුදකලා කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ.කරුණාකරන් පවසයි.

මඩකලපුව නගරයේ ව්‍යාපාරික ස්ථානවල සිටින 549 දෙනකු සඳහා කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරක්ෂණයෙන් 26 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇති අතර ඉන් 23 දෙනකු කාත්තන්කුඩි පදිංචිකරුවන් බැවින් මෙම තීරණය ගෙන ඇත. මීට අමතරව කාත්තන්කුඩි ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තවත් ආසාදිතයන් 27 දෙනකු හඳුනාගෙන ඇත.

ආසාදිත පුද්ගලයන් විශාල පිරිසක් වාර්තාවීම හේතුවෙන් සෞඛ්‍ය අංශවලින් ලැබී ඇති උපදෙස් අනුව කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා කාත්තන්කුඩි ප්‍රදේශය හුදකලා කළ බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img