-3.7 C
New York

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බෝට්ටුවක් ගාල්ලේ දී අල්ලයි

Published:

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි ට්‍රෝලර් යාත්‍රාවක් ගාල්ල වරාය ආසන්න ජාකොටුව වැල්ලේදී අද (31) උදෑසන නාවික හමුදාවේ ද සහය ඇතිව කොටුකරගත් බව පොලිසිය පවසයි.

මෙම ට්‍රෝලර් යාත්‍රාව ජාඇල දික්ඔ්විට වරායේ සිට ගමන් ආරම්භ කළ බවට ලැබුණු තොරතුරක් අනුව බුද්ධි අංශ ඒ පිළිබඳ අවධානයෙන් සිට ඇත. ගාල්ල වරාය ආසන්නයේ දී නාවික හමුදා යාත්‍රාවක් එහි මඟ හරස් කළ විට ට්‍රෝලර් යාත්‍රාව තම මඟ වෙනස් කරමින් ගොඩබිම දෙසට යාත්‍රා කර ගාල්ල ජාකොටුව වැල්ල ආසන්නයට පැමිණ ඇත.

මෙම යාත්‍රාවේ මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි 04 දෙනකු අත්අඩංගුවට ගත් බවත් එක් පුද්ගලයකු පලාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

(ඡායාරූප – අනුෂ්ක ලියනගේ)

ඡායාරූප – සාහිත ගම්මම්පිල

Related articles

Recent articles

spot_img