spot_img
spot_imgspot_img

අධිකරණ ඇමතිට, අධිකරණ වෛද්‍යවරු අප්‍රසාදය හා විරෝධය පළ කරති

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ කොටසක් වන මරණ පරීක්ෂණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින් ඊට විරෝධය දැක්වීමේ යෝජනාවක් අධිකරණ වෛද්‍යවරුන්ගේ සංගමයේ විශේෂ රැස්වීමක දී සම්මත කෙරිණි. එම රැස්විම අද (30) කොළඹ දී පැවැත්විණි.

සංගමයේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය අසේල මෙන්ඩිස් මහතා පවසන්නේ මරණ පරීක්ෂකවරු පත්කිරීම අධිකරණ අමාත්‍යාංශයේ කාර්යභාරයක් වුව ද මරණ පරීක්ෂණ ක්‍රියාවලියට සෘජුව මැදිහත්වීමට හෝ බලපෑම් කිරීමට අධිකරණ අමාත්‍යවරයාට හෝ වෙනත් කිසිදු බල අධිකාරියකට හෝ හැකියාවක් නොමැති බවයි.

කොරෝනා මළ සිරුරු සම්බන්ධ කටයුතු කරන ආකාරය පිළිබඳ අවසන් තීරණය ගැනීමේ කමිටුවේ සභාපතිවරයාට ද අමාත්‍ය අලි සබ්‍රි විසින් බලපෑම් කළ බවට තොරතුරු අනාවරණය වූ බව අධිකරණ වෛද්‍යවරු කියති. මේ සම්බන්ධයෙන් එම ආයතනයේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය මෙන්ඩිස් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙලෙස දැක්වේ.

“ ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලබන ස්වාධීන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් හා සෞඛය ආමත්‍යාංශය විසින් කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීම පිළිබඳ තීරණය කිරීමට පත්කළ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට මෑතක දී තර්ජනය කිරීමේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධි විද්‍යා ආයතනයේ වෛද්‍යවරු දැඩි ලෙස හෙළා දකියි.”

මරණ පරීක්ෂණ ක්‍රියාවලිය සියලු ජනතාවට පොදු සාමාන්‍ය  නීතිය යටතේ පැවැත්විය යුතු බවත් එය එක් ජනවර්ගයකට අනුව වෙනස් විය හැකි කරුණක් නොවන බවත් අධිකරණ වෛදයවරු කියති. විශේෂ අවශ්‍යතාවක් අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් කරුණු ජනවර්ගයක අවශ්‍යතාව අනුව වෙනස් කිරීමට තැත් කිරීම හා වෙනස් කිරීමට යෝජනා කිරීම නොකළ යුතු වරදක් බව ද එම සංගමයේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය අසේල මෙන්ඩිස් මහතා පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා මළ සිරුරු අධි ශීතකරණවල තැබීමට යෝජනා කරමින් සහ විවිධ ආකාරයෙන් බලපෑම් කරමින් මළ සිරුරු ඉවත්කිරීමේ කාර්යයට සෘජුව මැදිහත් වීමත්, මළ සිරුරු සම්බන්ධ අවසන් තීරණය ගැනීමට පත්කළ තාක්ෂණ කමිටුවට බලපෑම් කිරීමත් හෙළා දකිමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ක්‍රියාකලාපයට අපසාදය පළ කිරීමේ සහ විරෝධය දැක්වීමේ යෝජනාව ඒ අනුව සම්මත කර ගෙන ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!