ධම්මික පැණිය සඳහා ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලැබී ඇතිබව පවසමින් ඇතැම් මාධ්‍ය රටේ ජනතාව නොමග යැවීමට ගන්නා උත්සාහයන්ට නොරැවටෙන ලෙස විද්වතුන් ඉල්ලා සිටියි.
කෑගල්ලේ පදිංචි ධම්මික නමින් හඳුන්වාගන්නා පුද්ගලයකු විසින් තමන්ට කාලි අම්මා විසින් ලබාදුන් වට්ටෝරුවකට අනුව සකස් කරන ලද බව කියන පැණියක් සඳහා ඇතැම් මාධ්‍ය ආයතන ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබාගෙන තිබිණි. මේ පිළිබඳ රජයේ ඇතැම් වගකිව යුත්තෝ ද විවිධ ප්‍රකාශ නිකුත්කළ අතර එය ඖෂධයක් ලෙස පිළිගන්න යැයි රාජ්‍ය මට්ටමින් ම බලපෑම් ද එල්ල වෙමින් තිබිණි.
අද (30) එම පැණිය සඳහා ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලබාදුන් බවට ඇතැම් මාධ්‍ය ආයතන තම මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.
මෙය රටේ ජනතාව නොමග යැවීමක් බව රජරට විශ්විද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.
ඔහු පවසන්නේ ආචාරධර්ම කමිටුව විසින් සිදුකරනු ලබන්නේ යම් ඖෂධයක් ප්‍රතිකාර සඳහා සුදුසුදැයි සොයා බැලීම සඳහා පර්යේෂණ පැවැත්වීමට අනුමතය ලබාදීමක් පමණක් බවයි. මේ වනවිට අචාරධර්ම කමිටුවෙන් එය ඖෂධ සඳහා සුදුසුදැයි පරීක්ෂාකර බැලීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව ද මහාචාර්ය වරයා කීවේය.
නමුත් මේ වනවිට ඇතැම් මාධ්‍ය ජනතාවට වැරදි අරථකථනයක් ලැබෙන ආකාරයට ධම්මික පැණිය සඳහා අනුමැතියක් හිමිවූ බව පැවසීම වරදක් බව ද වෛද්‍යවරු කියති.