spot_img
spot_imgspot_img

නිරෝධායනය හිරිහැරයක් බව පවසමින් පිරිසක් උපවාසයක

පුවත්

විදෙස්

අසාධාරණ හේතු දක්වමින් තමන් නිකරුණේ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාගන්නේ යැයි පවසමින් නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ පිරිසක් ඊයේ (29) සිට නිරාහාරව උපවාසයක් ආරම්භ කර ඇත.

ඔවුන් පවසන්නේ දෙසැම්බර් 02 දා විදෙස් රටවල සිට කටුනායකට පැමිණි 276 දෙනකු මෙලෙස නිරෝධායනයට යොමුකර සිටින බවයි. දින 14කට පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් එක් අයකු ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් යළි සියලු දෙනාම නිරෝධායනයට යොමුකර ඇත.

එම අවස්ථාව දක්වා සියලු දෙනා එකම පහසුකම් භාවිතා කළ ද ඉන් පසු ඔවුන් කණ්ඩායම් බෙදී වෙන වෙනම කාමරවල රැඳී සිටිමින් වෙන වෙනම පහසුකම් භාවිතා කළ බව ඔවුහු කියති.

පසුව 28 වැනි දා කරන ලද පරීක්ෂණවලින් තවත් එක් අයකු ආසාදිත බව තහවුරු කරගෙන ඇත. එම පුද්ගලයා සමග එකම කාමරයේ පහසුකම් ලබමින් සිට ඇත්තේ තවත් 05 දෙනකු පමණි. අනෙක් අය ඔවුන්ගේ ආශ්‍රිතයන් නොවූ බව මෙලෙස නිරෝධායනය වන පිරිස් කියති.

එසේ 01 දෙනකු ආසාදනය වූ අවස්ථාවේ දී ඔහු සමඟ ආශ්‍රිත වූ අනෙක් 05 දෙනා නිරෝධායනට යොමු කිරීමට අමතරව මධ්‍යස්ථානයේ සිටින සියලුම දෙනා තවදුරටත් නිරෝධායනයට යොමුකළ බවත් මේ හේතුවෙන් තමන්ට මාසයකට ආසන්න කාලයක් නිකරුණේ හිරිහැර විඳීමට සිදුව ඇති බවත් පවසමින් 12 දෙනෙක් ඊයේ සිට උපවාසයක නිරතව සිටිති.

මේ සම්බන්ධව නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයෙන් විමසූ විට එහි නිලධාරීන් පවසන්නේ හමුදාවේ ඉහළ අවසරයක් නොමැතිව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!