-3.7 C
New York

සිරුරු භූමදානය ද ? ආදාහනය ද ? වාර්තාව ලැබෙයි

Published:

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව එහි සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී තිබේ.

මෙම කමිටුව සාමාජිකයන් 09 දෙනකුගෙන් සමන්විත විය. එය ඊයේ (28) මෙම වාර්තාව භාර දී ඇති බව සෞඛය අමාත්‍යාංශය පවසයි.

මෙම වාර්තාවේ සඳහන් වන්නේ කමිටුවේ ඒකමතික තීරණයක් බව ද ආරංචිමාර්ග සඳහන් කරයි. නමුත් ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට මාධ්‍යවේදීන් ගත් උත්සාහයන් මෙතෙක් ව්‍යර්ථ වී තිබේ.

කෙසේ වෙතත් කොරෝනා මරණ හේතුවෙන් මියයන පුද්ගලන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට මීට පෙර ද විශේෂඥ කමිටුවක් පත්කර තිබූ අතර එම කමිටුවේ නිර්දේශය වී තිබුණේ දේහ ආදාහනය කළ යුතු බවයි.

Related articles

Recent articles

spot_img