spot_img
spot_imgspot_img

කොරෝනා නව ප්‍රබේදය ඉන්දියාවටත් ඇවිත්

පුවත්

විදෙස්

කොරෝනා වයිරසයේ එංගලන්තයෙන් සොයා ගන්නා ලද නව ප්‍රබේදය ආසාදනය වූ පුද්ගලයන් 06 දෙනකු ඉන්දියාාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ආසාදිතයන් 06 දෙනා පසුගිය දා බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාවට පැමිණි පුද්ගලයන් බවත් ඔවුන් මේ වනවිට හුදකලා කර තිබෙන බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නව ප්‍රබේදය හඳුනාගැනීමත් සමඟ ඉන්දියාව බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් යානා නවතා දැමීමට කටයුතු කළ ද ඒ වනවිටත් ඉන්දියාවට බ්‍රිතාන්‍යයේ සිට විශාල පිරිසක් පැමිණ තිබූ බවයි. එලෙස පැමිණි අයගෙන් 114 දෙනකු කොරෝනා ආසාදිතයන් බවත් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ නව ප්‍රබේදය ද බවත් සෙවීමට සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර තබේ.

ගතවු පැය 24ක කාලය තුලදී ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරස් රෝගීන් 16,432 ක් වාර්තා කර ඇති අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 1,022,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 148,153කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!