spot_img
spot_imgspot_img

නැගෙනහිර අලුත් මුස්ලිම් සංවිධානයක් ගැන බුද්ධි අංශ අවධානයෙන්

පුවත්

විදෙස්

නැගෙනහිර පළාත් මූලික කරගෙන බිහි වී ඇති නව මුස්ලිම් සංවිධානයක ක්‍රියාකාරීත්වය පිළිබඳ ආරක්ෂක බුද්ධී අංශ පුළුල් පරීක්ෂණයක් පවත්වයි.

ඉස්ලාම් ආගම විනාශ කිරීම සඳහා අනාගතයේ බිහිවන බව කියන “ඩජ්ජාල්” නමැති නායකයකුට එරෙහිව දැන් සිටම මුස්ලිම් ජනතාව දැනුම්වත් කිරීම මෙම සංවිධානය පිහටුවා ගැනීමේ අරමුණ වී තිබෙන බව දැන ගැනීමට ඇතැයි ආරක්ෂක බුද්ධි අංශ නිලධාරියෙක් ලංකාදීප පුවත්පත සමඟ පවසා ඇත.

මෙම නව මුස්ලිම් සංවිධානයේ නායකයා ලෙස වෛද්‍යවරයකු කටයුතු කරන බවත්, මේ වනවිට මෙහි සාමාජිකයන් තිස් දෙනකු පමණ සිටින බවටත් තොරතුරු අනාරවණය කරගෙන තිබෙන බව බුද්ධි අංශ ආරංචිමාර්ග පවසයි.

මෙම නව සංවිධානයේ ක්‍රියාකාරිකයන් youtube ඔස්සේ එම සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ නිරතව සිටින බව ද කරුණු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ නිලධාරියා පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!