-1.6 C
New York

ශ්‍රී පාද සමය ඇරඹෙයි. ගැසට් පත්‍රයකින් නීති පැනවෙයි

Published:

සම්ප්‍රදායික සිරිපා වන්දනා සමය අද (29) දිනයෙන් ආරම්භ වුව ද කොරෝනා ආවදානම දැඩිව පවතින බැවින් ජනවාරි මාසයේ දී සිරිපා ගමනින් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අංශ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර රත්නුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මෙවර සිරිපා වන්දනා සමයේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

ඒ අනුව සිරිපා වන්දනාවට පැමිණෙන පිරිස් තම වන්දනා නඩවල තොරතුරු ඉදිරිපත් කර අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී එහි සහතිකියේ පිටපත් ද රැගෙන පැමිණිය යුතුය. එමෙන් ම ශ්‍රී පාදස්ථාන ගමන් මාර්ගයේ තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාමට අවසර ලැබෙන්නේ නැත. යාචකයන්ට සිඟමන් යැදීම ද තහනම් කර තිබේ.

සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශ මෙන්ම ගමන් මාර්ගයේ ද සංචාරක වෙළඳා ම මුළුමනින් ම තහනම් කර තිබේ.

ශ්‍රී පාද අවාර සමයේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර තිබූ කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ ආභරණ හැටන් ඊයේ (28) ශ්‍රී පාද උඩ මළුවට වැඩම කරවීම සිදුකරන ලදී.

Related articles

Recent articles

spot_img