spot_img
spot_imgspot_img

කොරෝනා මරණ 194 දක්වා ඉහළට

පුවත්

විදෙස්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) දිනයේ නිකුත් කර ඇති නිල ලේඛනයේ කොරෝනා මරණ 03ක තොරතුරු සඳහන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි දැක්වෙන මරණ පිළිබඳ තොරතුරු මෙසේ සඳහන් වෙයි.

  1. දර්ගා නගරයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ 2020 දෙසැම්බර් ස 24 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා 19 ආසාදනය සමඟ ඇති වූ ලේ විෂවීම සඳහ අධි රුධිර පීඩනය හේතුවෙන් සිදුවූ හෘදයාබාධයකි.
  2. තෙල්දෙණිය පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර මහ රෝහලේ සිට තෙල්දෙණිය මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් මස 28 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වය සමඟ උග්‍ර වකුගඩු රෝගී තත්ත්වයකි.
  3. දකුණු කළුතර පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී දෙසැම්බර් 22 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා 19 ආසාදනය සමඟ ලේ විෂවීමයි.

මෙම මරණ තුනත් සමඟ ශ්‍රී ලංකාවේ දී සිදුව ඇති සම්පූර්ණ කොරෝනා මරණ සංඛ්‍යාව 194ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!