spot_img
spot_imgspot_img

ගාල්ල ප්‍රාලේ කාර්යාලය වැසූ කතාව බොරුවක්

පුවත්

විදෙස්

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇතැයි අතැම් මාධ්‍යවල පළකර ඇති පුවත් අසත්‍ය බව කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර පවසයි.

එම කාර්යාලයේ නිලධාරියකු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ඊයේ (27) දින උදෑසන දී ය. එම නිලධාරියා ආසාදිත බව තහවුරු කරගැනීමට පෙර ඔහු නිරෝධානය වෙමින් සිටි බැවින් දින කිහිපයක් ම සේවයට පැමිණ තිබුණේ නැත. එසේ වුව ද දින කිහිපයකට පෙර ඔහු සමඟ ආශ්‍රිත වූ කාර්යාල සේවක සේවිකාවන් සියලු දෙනාම නිරෝධානයට යොමුකර සාමාන්‍ය පරිදි දෛනික රාජකාරී අද (28) දිනයේත් සිදුකළ බව ප්‍රාදේශීය ලේකම්වරිය පවසයි.

ආසාදිත බව හඳුනාගත් නිලධාරියා සේවය කළ අංශයේ නිලධාරීන් පවා රාජාකාරී කටයුතුවල නිරත වූ බව ඇය පැවසුවාය.

කොරෝනා වසංගතය පැතිරයාම හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලයේ එක්දින සේවා නවතා දමා තිබූ බවත් එයට හේතුවූයේ මෙම නිලධාරියා ආසාදනය වීම නොවන බවත් ඇය පවසයි. එහි එක්දින සේවාවන් සති කිහිපයකට පෙර පටන් නවතා තිබීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දැමීමක් නොවන බවත් ප්‍රාදේශීය ලේකම්වරිය පෙන්වා දෙයි.

මේ පිළිබඳ සෞඛ්‍ය අංශ වෙතින් විමසූ විට ඔවුන් කීවේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස්  නොදුන් බවයි. එසේ වුව ද ආසාදිත බව තහවුරු වූ නිලධාරියාගේ ආශ්‍රිත අනිකුත් නිලධාරීන් සඳහා 30 වැනි දා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!