spot_img
spot_imgspot_img

කොරෝනා මළ සිරුර හඳුනාගන්න යැයි අධිකරණ නියෝගයක්

පුවත්

විදෙස්

ගාල්ලේ මිලිද්දුව පදිංචිව සිටිය දී මියගිය මුසිල්ම් ජාතිකයාගේ සිරුර හඳුනාගන්නා ලෙස ඔහුගේ ඥාතීන්ට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ.

ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග විසින් මෙම නියෝගය නිකුත්කර ඇත්තේ එම සිරුර මෙතෙක් හඳුනාගැනීම ඥාතීන් විසින් මගහරින බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු නිකුත්කරන ලද නොතීසියකට අනුව ඥාතීන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී ය.

ගාල්ල මිලිද්දුව පදිංචි මුස්ලිම් ජාතිකයකු කළුබෝවිල රෝහලේ දී නොවැම්බර් 29 වැනි දා මියගිය බවත් කළුබෝවිල රෝහලේ හදිසි මරණ පරීක්ෂක කේ.එම්.ඩී.පී.ඒ.ටී. කොටුගොඩ විසින් 30 වැනි දා මරණ පරීක්ෂණය පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ දී මියගිය තැනැත්තාගේ බිරිඳ ඇතුළු ඥාතීන් මළ සිරුර භූමදානයට ඉඩ නොදෙන්නේ නම් එය භාර නොගන්නා බව පවසමින් සිරුර හඳුනාගැනීමෙන් පවා වැළකී සිටි බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. පොලිසිය එලෙස කරුණු වාර්තා කරමින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ එම සිරුර රජයේ වියදමින් ආදානය කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසයි.

ඥාතීන් නිරෝධායනයට යොමුකර සිටින බැවින් අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බව ද පොලිසිය දන්වා සිටි බැවින් ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වූ පසු අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබිණි. ඒ අනුව ඔවුහු අද දිනයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියහ.

එම අවස්ථාවේ දී ඥාතීන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරුන් ඉල්ලා සිටියේ මෘත දේහ පිළිබඳ රජයේ අවසන් තීරණය දැනුම් දෙනතුරු එම සිරුර කොළඹ පොලිස් මෘත ශරීරාගාර භූමියේ තබා ඇති ශීතාගාරයක තැන්පත් කරන ලෙසයි.

මෙම මළ සිරුර ඥාතීන් විසින් හඳුනාගැනීමෙන් පසු ආදාහනය කරන ලෙස ලබා ඇති නියෝගය නැවත වෙනස් කළ නොැකි බව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා එම සිරුර හඳුනාගන්නා ලෙස ඥාතීන්ට නියෝග කළේය. එසේ වුව ද ඥාතීන් කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත එම සිරුර හඳුනාගැනීම අද (28) දිනයේ සිදුකළ නොහැකි බවයි. ඒ අනුව එම සිරුර හඳුනාගැනීම ජනවාරි මස 04 වැනි දින උදෑසන 10.00 කළුබෝවිල රෝහලේ දී සිදුකරන ලෙස අධිකරණය විසින් ඥාතීන්ට නියෝග කර තිබේ.

ඥාතීන් විසින් අධිකරණ නියෝගයට අනුව මෙම සිරුර හඳුනාගැනීමෙන් පසු ඉදිරි පියවර ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!