spot_img
spot_imgspot_img

ධම්මික පැණියෙන් බේරෙන්නට බැරි වූ තවත් ආසාදිතයෙක් හමුවෙයි

පුවත්

විදෙස්

වෛද්‍ය නිමල් ඩයස් කොඩිතුවක්කු තම facebook පිටුවේ සටහනක් තබමින් කෑගැල්ලේ ධම්මික පැණිය බිව් අයකු කොරෝනා ආසාදිතයකු වී ඇති බව අනාවරනය කරයි.

කොළඹ දී මීට සති දෙකක ට පෙර තමන් නැව් සේවකයකු පරීක්ෂා කළ බවත් එම පුද්ගලයා තමන් හමුවට ඒමට දින තුනකට පෙර කෑගල්ලට ගොස් ධම්මික පැණිය බී තිබූ බවත් වෛද්‍යවරයා පවසයි. වෛද්‍යවරයා පවසන්නේ එම තැනැත්තා තමන් හමුවට එනවිටත් ධම්මික පැණිය පානය කර තිබූ බවයි. නමුත් ඔහුට කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මෙ තැනැත්තා කොරෝනා ආසාදනය වී ඇති බව වෛද්‍ය නිමල් ඩයස් කොඩිතුවක්කු අනාවරණ්‍ය කරයි.

මේ අනුව වෛද්‍යවරයා පවසන්නේ ඔහු කෑගල්ලේ ධම්මිකගේ පැණිය බීමට යනවිටත් ඇතැම් විට කොරෝනා වයිරසය සමඟ එහි යන්නට ඇති බවයි. නැතිනම් එම ස්ථානයේ දී කොරෝනා වයිරසය ඔහුට ආසාදනය වූවා විය හැකි බවයි.

කෙසේ වෙතත් මේ ආනාවරණයත් සමඟ පැහැදිලි වන්නේ එම ආසාදිතයා කෑගල්ලේ ධම්මික පැණිය ගැනීමට ගිය දිනයේ එහි පැමිණ සිටි සියලු දෙනා ද කාලි අම්මා වැහෙන ධම්මික බාස් සහ ඔහුගේ සහචරයන් ද නිරෝධායනයට යොමුකළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!