-4.2 C
New York

“සංචාරක බුබුළු” ක්‍රමයට සංචාරක කර්මාන්තය නැංවීමට පියවර. පළමු කණ්ඩායම අද රටට

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ විදෙස් සංචාරකයන් ගෙන්වීම යළි ආරම්භ කරමින් අද (28) පළමු සංචාරක කණ්ඩායම මත්තල ගුවන්තොටුපොළට ළඟාවන බව සිවිල් ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පවසයි.

යුක්‍රේනයේ සිට මගීන් 185 දෙනකුගෙන් යුතු යානයක් අද සවස 1.30ට පමණ මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබේ.

උප සභාපති රජීව් සූරියආරච්චි වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මෙම සංචාරකයින් පිරිස මෙරට ගුවන්තොටුපොළට ළඟාවීමෙන් අනතුරුව සියලූම නිරෝධායන පිළිවෙත් අනුගමනය කරමින් ඒ කටයුතු සිදුවෙනවා. ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලය ඒ අවශ්‍ය කටයුතු සඳහා සූදානමින් සිටිනවා.”

පැමිණෙන සංචාරකයන් Travel Bubble “සංචාරක බුබුළු” ක්‍රමයට ආරක්ෂිතව සංචාරයේ යෙදීවීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවත් කොරෝනා හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා මෙම සංචාරක බුබුළු ක්‍රමය භාවිතා කරමින් විදෙස් රටවල සිට පැමිණෙන සංචාරකයන් හා මෙරට සාමාන්‍ය ජනතාව අතර වයිරස් සම්ප්‍රේෂණයක් සිදු නොවීමට වගබලාගන්නා බව ද සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

අද දිවයිනට පැමිණෙන සංචාරක පිරිස බෙන්තොට, කොග්ගල සහ බේරුවල ප්‍රදේශයේ හෝටල්වල ක්‍රියාත්මක කරන සංචාරක බුබුළු තුළ රැඳී සිටින බව ද රජය සඳහන් කරයි.

මත්තල ගුවන් තොටුපොළ අද මේ පිරිස සඳහා සූදානම්ව ඇති අයුරු

Related articles

Recent articles

spot_img