spot_img
spot_imgspot_img

දකුණේ ආසාදිතයන් 874 දක්වා ඉහළට

පුවත්

විදෙස්

දකුණු පළාතෙන් ඊයේ (27) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 39 දෙනකු සමඟ පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 874ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසන්නේ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 490ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 309ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 75ක් වාර්තා වී ඇති බවයි.

ඊයේ වාර්තා වූ ආසාදිතයන් 39 දෙනා අතරින් ආසාදිතයන් 23 දෙනකු වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් සැළකූ විට ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බලපිටියෙනි. එම සංඛ්‍යාව 09ක් ලෙස දැක්වෙයි. අනෙක් ආසාදිතයන් බෝපේ පෝද්දලින් 05ක්, ගා්ලල, අක්මීමණ, කරන්දෙණිය හා නියාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයන් 02ක් බැගින් වාර්තා වී ඇති අතර ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද එක් ආසාදිතයකු වාර්තා වී තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 12කි. ඉන් වැඩිම ආසාදිතයන් හමුවී ඇත්තේ අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 04කි ඔවුන් සිව් දෙනාම එකම පවුලේ සාමාජිකයන් වන අතර ඉන් එක් අයකු කරාපිටිය පිළිකා ඒකකයට ප්‍රතිකාර ගැනීමට පැමිණ තිබීම හේතුවෙන් ඔවුන් පීසීආර් පරීක්ෂණවලට යොමුකර තිබිණි.

මාතර දිස්ත්‍රික්කයේ දැක්වැල්ල 03 දෙනෙක්, වැලිගම හා කැකණදුර 02කු බැගින් සහ කඹුරුපිටියෙන් 01 අයකු බැගින් අනෙක් ආසාදිතයන් වාර්තා වී ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අම්බලන්තොට, අඟුණුකොළපැලැස්ස, කටුවන හා වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කොට්ඨාස හතරෙන් එක් ආසාදිතයකු බැගින් ආසාදිතයන් 04 දෙනකු ඊයේ දිනයේ වාර්තා වී තිබිණි.

මේ අතර දකුණු පළාතේ කොරෝනා ආසාදනය වූ 874ක පිරිස අතරින් 419 දෙනකු මේ වනවිට සුවය ලබා නිවෙස්වලට පැමිණ සිටින බව ද චාමර මහගමගේ පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් 264 දෙනකු, මාතර දිස්ත්‍රික්කයෙන් 122 දෙදෙනකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 33 දෙනකු මෙලෙස සුවය ලබා පැමිණ සිටින බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!