spot_imgspot_img

පියා ආසාදිතව සිටිය දී මහනුවර සිට ගාලු ආ අයකු නිසා හෝටලයක් වැසේ

පුවත්

විදෙස්

ගාල්ල කොටුවේ පල්ලිය වීදියේ ඇති සංචාරක හෝටලයක සේවකයකු එහි පරිපාලනය විසින් මහනුවර සිට ගෙන්වා ඇති බවත් ඔහු කොරෝනා ආසාදනය වූ අයකු බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයා මහනුවර දිස්ත්‍රික්කයේ තම නිවසේ සිටිය දී ඔහුගේ පියා කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබිණි. ගාල්ල කොටුවේ පිහිටි හෝටලයේ සේවකයන් වෙනුවෙන් ආහාර සැපයුම් අංශයේ කෝකියකු වන ඔහුට එහි පරිපාලන විසින් දැනුම් දී ඇත්තේ පියාට කොරෝනා ඇතත් ඔහුට උණ ස්වභාවයක් නොමැතිනම් සේවයට පැමිණිය යුතු බවයි. එම කැඳවීම අනුව ඔහු මහනුවර සිට ගාල්ලට පැමිණ තිබේ.

හෝටලයට පැමිණ දින කිහිපයකින් ඔහු රෝගාතුරවීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇත. ආසාදිත බව දැනගත් වහාම ඔහු ඉහළ ඩික්සන් පාරේ පිහිටි හෝටලයට අයත් නිවස්නක රඳවා තිබී ඇති අතර ඊයේ (27) රාත්‍රී ඔහු රෝහල්ගත කර ඇත.

මේ වනවිට හෝටල් සේවකයන් 20කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර හෝටලය ද තාවකාලිකව වසා දමා තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ පියා කොරෝනා ආසාදිතයකු බව දැන දැනත් මෙම පුද්ගයා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් ගාල්ලට පැමිණීමෙන් විශාල පිරිසක් දැඩි අවදානමකට පත්කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles