-3.6 C
New York

ගිංතොට කොරෝනා රෝගීන්. මැණික් ව්‍යාපාරයට පිට පළාත්වලින් එති

Published:

ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිංතොට කුරුඳුවත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 06 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිතයන් හේතුවෙන් එම ප්‍රදේශයේ කොරෝනා පැතිරීමේ අවදානමක් තිබෙන බව ද වෛද්‍යවරු කියති. පසුගිය දින කිහිපයේ ම ගිංතොට වක්වැල්ල පාරේ සහිරා විද්‍යාලය ආසන්න ප්‍රදේශයේ පිටපළාත්වලින් පැමිණි මැණික් ව්‍යාපාරිකයන් මහ මඟ ව්‍යාපාර කටයුතුවල නිරතවනු දක්නට ලැබුණු බව ද සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන්ට කරුණු පැහැදිලිකර දී එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිහිප අවස්ථාවක දී ම සිදුවූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කියයි. මෙලෙස පිටපළාත්වලින් ව්‍යාපාරිකයන් පැමිණීම ප්‍රදේශය දැඩි අනතුරකට පත්වීමක් බව ද ඔවුහු පෙන්වා දෙති.

Related articles

Recent articles

spot_img