-2.5 C
New York

තවත් ප්‍රදේශ 10ක් හුදකලා කරයි

Published:

කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් ඇහැළියගොඩ හා ගොඩකවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගඟුල උතුර, බෝපත්ත යන ප්‍රදේශ හුදකලා කර තිබේ.

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශත් මෙලෙස හුදකලා කර ඇත.

Related articles

Recent articles

spot_img