බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ උක්වත්ත ප්‍රදේශයේ පැවැති මළ ගෙදරකට සහභාගී වූ තිදෙනෙක් මේ වනවිට කොරෝසා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයන් අතර ගාල්ල නගරයේ ප්‍රධාන රජයේ කාර්යාලයක ගණකාධිකාරීවරයෙක් ද සිටියි.
පසුගිය 11 වැනි දා සිට 13 වැනි දා දක්වා මෙම අවමංගල්‍යය පවත්වා ඇති අතර එයට සහභාගී වීමට කොළඹ සිට පැමිණි බැංකු සේවකයකු කොරෝනා ආසාදිත බවට වාර්තාවීම හේතුවෙන් අවමංගල්‍ය පැවැති දිනවල දී එම නිවසට ගිය පිරිස් නිරෝධායනයට ලක්කර තිබිණි.
කොළඹ සිට පැමිණි බැංකු සේවකයා සමග මළ ගෙදර අතරතුර මත්පැන් සාදයක් පැවැතවූ පිරිසක් අතරින් දෙදෙනකු කොරෝනා ආසාදිත බව අද (27) උදෑසන ලැබුණු පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මීට පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ අහුංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ද මළ ගෙදරකට සහභාගීවීමට කොළඹ සිට පැමිණි කොළඹ නැව් තටාංගන සේවකයකු හේතුවෙන් විශාල පිරිසක් අතර කොරෝනා වසංගතය පැතිර ගිය අතර මේ වනවිට එම පොකුර පාලනය වී ඇත.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ උක්වත්ත ප්‍රදේශයෙන් ද එවැනි පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බවයි.
කොරෝනා දැඩි අවදානමක් ප්‍රදේශයක් ලෙස කොළඹ නම් කර තිබිය දී එහි සිට පැමිණි පුද්ගලයන් දෙදෙනකු මත්පැන් සාද පැවැත්වීමත් එවැනි සාදවලට රජයේ ආයතනයක විධායක නිලධාරීන් පවා සහභාගී වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව සෞඛ්‍ය අංශ පවසයි. මෙවැනි වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමෙන් කොරෝනා පාලනය කිරීම අපහසුවන බව ද වෛද්‍යවරු පෙන්වා දෙති.