spot_img
spot_imgspot_img

ගාල්ල කොටුවේ ඇඟළුම් හළක කොරෝනා

පුවත්

විදෙස්

ගාල්ල කොටුව ලේන්බාන් වීදියේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතතයකින් කොරෝනා රෝගීන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබූ මිලිද්දුව ප්‍රදේශයේ කාන්තාවක් මෙම ස්ථානයෙ රැකියාව සඳහා පැමිණ ඇති අතර ඇය ආසාදිත බව හඳුනාගැනීමත් සමඟ ඇගේ ආශ්‍රිතයන් වෙනුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මේ වනවිට සේවකයන් 09 දෙනකු ආසාදිත බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඉන් 06 දෙනකු ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි අතර 03 දෙනකු වෙනත් ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි.

ගාල්ලේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සංචරණ සීමා පනවා තිබූ ප්‍රදේශවල හැර වෙනත් ප්‍රදේශවලින් ද මෙම ආසාදිතයන් වාර්තා වී ඇත. ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙන බවත් ආසාදිතයන් 09 දෙනාම රෝහල්ගත කර එම ඇඟළුම් ආයතනය වසා දැමූ බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!