ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වීරයා වූ වනිඳු හසරංග අද (26) ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේ දී ටෙසට් වරම් ලැබිණි.
තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන මෙම යොවුන් ක්‍රීඩකයා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි. දකුණතින් පා දඟ පන්දු යවන වනිඳු විශ්වාස තැබිය හැකි පිතිකරුවෙකු ද වෙයි. 23 හැවිරිදි වියේ පසුවන හෙතෙම එක්දින ජාත්‍යන්තර තරඟ 15කට සහභාගී වී කඩුලු 17ක් දවාගෙන තිබේ.
මෙවර දකුණු අප්‍රිකානු තරඟාවලියට වනිඳු හසරංග ගෙන යෑම ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර්ගේ දැඩි වුවමනාවකට සිදුවූවකි.
වනිඳුගේ දක්ෂතා හඳුනාගත් මිකී ආතර් පුසගිය කාලයේ දි පැවැති පළමු පෙළ තරඟවල දී හසරංගට වැඩි වශයෙන් පන්දු යන්නට දෙන්න යැයි පුහුණුකරු සී.සී.සී. කණ්ඩායමෙන් ඉල්ලා සිටි බව ද පැවසේ. මෙය සිදුවන්නේ හසරංග ගැන ඇති දැඩි වශ්වාසය හේතුවෙනි.
වනිඳු හසරංග ටෙස්ට් කණ්ඩායමට හොඳ අංක 07 පිතිකරුවකු වනු ඇතැයි මිකී ආතර්ගේ විශ්වාසයයි.