ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි කොරෝනා ආසාදිත බව තහවුරු වූ පුද්ගල 05 දෙනකු ඊයේ (25) රාත්‍රී ගාල්ල දිසාපති සෝමරත්න විදානපතිරණ මැදිහත් වී රෝහල් ගතකිරීමට පියවර ගත්තේය.
පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව ගාල්ල නගරයේ පදිංචි 05 දෙනකු ආසාදිත බව තහවුරු වුව ද නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරු සේවයට නොපැමිණීම හේතුවෙන් ඔවුන් හඳුනාගෙන රෝහල්ගත කිරීම හා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීම ඊයේ (25) රාත්‍රීවනතුරුම සිදුවූයේ නැත.
ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් බැන තර්ජනය කළ බව කියන සිද්ධියක් හේතුවෙන් තමන්ට ආරක්ෂාව තහවුරු කරනතුරු සේවයෙන් ඉවත්වීමට නගර සභාවේ වෛද්‍යවරු තීරණය කර තිබූ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ම සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු 24 වැනි දා සංකේත වැඩ වර්ජනයක ද නිරතවූහ.
මෙම ගැටලුව හේතුවෙන් කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කිරීමට නොහැකිවීමෙන් ඔවුන් මෙන් ම ඔවුන්ගේ ඥාතීන් ඇතුළු ආශ්‍රිතයන් පත්වන අපහසුතාව හා ප්‍රදේශයේ ජනතාව ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කළ දිසාපතිවරයා මැදිහත් වී වෛද්‍යවරු සහ සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර එම ආසාදිතයන් හඳුනාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි.