නිධානයකින් ගත්බව කියමින් තමන් විසින් මිලදී ගත් භාණ්ඩ කිහිපයක් ව්‍යාජ ඒවා බව දැනගැනීමෙන් සිත්තැවුලට පත්ව හෘදයාබාධයකින් මියගිය පුද්ගලයකු හේතුවෙන් ජාවාරමක් හෙළිකරගත හැකි වූ බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයකුගේ මව ඇල්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ තම පුතා නිධානයකින් ගත් බව කියන භාණ්ඩ කිහිපයක් රුපියල් ලක්ෂ 05කට මිලදී ගෙන තිබූ බවයි. ඒවා ව්‍යාජ භාණ්ඩ බව දැනගත් විට ඔහු කම්පනයෙන් මියගිය බව ද ඇය පවසා ඇත.
එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය පිටිගල ප්‍රදේශයේ දී අද (25) නිධානයකින් ගත් බව පවසමින් ව්‍යාජලෙස සකසා තිබූ මැණික්ගල්, සෙම්බුවක් සහ බුදුපිළිමයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. ඔහු පවසා ඇත්තේ ඒවා තමන් වෙනත් පුද්ගලයකුගෙන් රුපියල් මිලදී ගත් බවයි.
වෙනත් පිරිසක් විසින් මේ භාණ්ඩ එම අත්අඩංගුවට ගත් පුද්ගලයාට සහ තවත් දෙදෙනකුට රුපියල් 1,250,000.00ක මුදලකට අළෙවි කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසය කියයි. මියගිය තැනැත්තා එම භාණ්ඩ මිලදී ගත් තිදෙනාගෙන් එක් අයෙකි.
සැකකරු ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.