spot_img
spot_imgspot_img

ඇමෙරිකාවේ කළු ජාතික වෛද්‍යවරිය ප්‍රතිකාර නැතිව මියයයි

පුවත්

විදෙස්

“මා කළු ජාතිකයකු වීම නිසා මට අවශ්‍ය ප්‍රතිකාර ලැබුණේ නෑ” යනුවෙන් පැවසූ ඇමෙරිකාවේ වෛද්‍යවරියක එම ප්‍රකාශයෙන් පසු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාවේ උතුරුදිග ඉන්දියානාපොලිස් ප්‍රදේශයේ වාසය කළ ඇය සුසාන් මූරි නම් වෛද්‍යවරියකි. 52 හැවිරිදි වියේ පසු වූ එම වෛද්‍යවරිය මියගොස් ඇත්තේ එරට ප්‍රාදේශීය රෝහලක දී ය.

මුලින් ප්‍රතිකාර ලැබූ ඉන්දියනාපොලිස් විශ්වවිද්‍යාල රෝහලේදී නිසි වෛද්‍යාධාර නොලැබුණ බවට ඇය චෝදනා කර තිබිණි. ඇය පවසා ඇත්තේ එම රෝහලේ වෛද්‍යවරුන් අදාල වෛද්‍ය පරීක්ෂණ පවා සිදුනොකළ බවයි. තමන්ට අවශ්‍ය ඖෂධ ලබා නොදුන් බව ද පපුවේ ස්කෑන් පරීක්ෂණයක් ඉල්ලා සිටි අවස්ථාවේ එය නොකළ බව ද ඇය ප්‍රකාශ කර තිබිණි. එක් අවස්ථාවක රෝහලේ වෛද්‍යවරුන් ඇයට නිවසට යන ලෙස පවා පවසා ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි.

ඇය මේ ප්‍රකාශ නිකුත් කර ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී රෝගී සයනය මත සිටිමින් නිකුත් කළ වීඩියෝවකිනි. තමන්ට වෛද්‍යාධාර සඳහා ආයාචනා කිරීමට සිදුවූ බව පවසන ඇය එහි මෙසේ ද සඳහන් කර තිබේ.

“කළු ජාතිකයන් මරා දමන්නේ මේ ආකාරයට”

BBC මෙම පුවත වාර්තා කර තිබුණේ මේ ආකාරයෙනි.

https://www.bbc.com/news/world-us-canada-55443339

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!