spot_img
spot_imgspot_img

ගාල්ල නියෝජ්‍ය නගරාධිපති වෛද්‍යවරයාට බැන වදී. වෛද්‍යවරු සංකේත වර්ජනයක (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට බැන තර්ජනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සංකේත වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල සොයිසා පවසන්නේ ගාල්ල  නියෝජ්‍ය නගරාධිපතිවරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ගුණවර්ධනට ඊයේ (24) බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති බවයි.

වෛද්‍ය මංජුල ද සොයිසා පවසන්නේ දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කරන බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සියලු දෙනා තම දෛනික සාමාන්‍ය රාජකාරීවලින් බැහැරව සිටිය ද ප්‍රදේශයේ පැතිරයන වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කිරීමේ පරමාර්ථය ඇතිව කොරෝනා වසංගතය සම්බන්ධ කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

නගරාධිපතිවරයා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට බැන තර්ජනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සිය අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් ඇමතුව ද ඔහු තම දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

එසේ වුව ද අද (24) සවස ගාල්ල මහ නගර සභාවේ දී මෙම චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් මෙසේ කීවේය.

“නාගරික වෛද්‍ය නිලධාරිතුමා මට අහම්බෙන් නගරසභාවේ කොරිඩෝව තුලදි හමුවුනා මම ගුඩ් මෝනින් කියලා කිවා වෛද්‍යවරයාත් මට ගුඩ් මොනින් කිවා. මම පි.සි.ආර් පරික්ෂණ වාර්තා ගැන ඇසුවා. ඔහු කිවා ඒවා අපිට එන්නේ නැහැ. පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂකවරයාට තමයි වාර්තා එන්නේ කියලා. ඔහු කතා කරන ශෛලිය අනුව අපිටත් තරහ යනවා. ඊට පස්සේ මම කිවා එහෙනම් ඕයා පි.ඩි ළගට ගිහින් නගර සභාවෙන් දෙන දිමනා ගන්න කියලා සභාවෙන් ගන්න එන්න එපා කියලා. නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සභාව යටතේ ඉන්නේ. ඔහු සභාව සමග වගකිමට බැදිලා ඉන්නවා. ඇත්තටම මෙක අහඹු සිදුවිමක්. මහජන සෞඛ්‍ය තියෙන්නේ ගාල්ල නගර සභාවට. අපි ඒ අයට පහසුකම් සපයනවා. ගාලකඩාගෙන වගේ වැඩකරන්න බැහැ.මේකට හේතුව තමයි ඒ අයට රටේ නිතිය පිළිබද අවබෝධයක් නොමැති කම. රටේ නිතිය අනුව කටයුතු කරණ ලෙස මා ඉල්ලා සිටිනවා”

මෙම අවස්ථාවේ දී දෙද්දුගල පදිංචිව සිට මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේ දැයි මාධ්‍යවේදීන් නියෝජ්‍ය නගරාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ දී ඔහු කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසදු කරුණක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් විමසුවේ නැති බවයි. එම සිද්ධියත් මේ සිද්ධියත් අතර කිසිදු සම්බන්ධයක් නැති බව නියෝජ්‍ය නගරාධිපතිවරයා නැවත නැවතත් කියා සිටියේ

(බැන වැදීමේ දර්ශන පහතින්)

1 COMMENT

  1. මෙවන් බොරු ප්‍රචාර කිරීමෙන් වැළකි සිටින්න, මෙය ආදාහනයක් සම්බන්ද ප්‍රශ්නයක් නොව වෛද්‍යවරයාගෙන් ඇසු ප්‍රශ්නයකට උත්තර ලබා දුන් අයුරින් ඇති වු බහින් බස් විමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!