spot_img
spot_imgspot_img

නියෝජ්‍ය පොලිස්පති යැවූ ලිපියකින්. කරාපිටිය අධිකරණ අංශය නොසන්සුන්

පුවත්

විදෙස්

ගාල්ල දෙද්දුගොඩ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී මියගිය පුද්ලයාගේ මළ සිරුර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි කටයුතු කරන්න යැයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරන ලද නියෝගයක් තිබිය දී ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් ජේ. වෙදසිංහ එම සිරුර කළුබෝවිල රෝහල වෙත යැවීමට අවශ්‍ය කටයුතු කරන බවට ලිපියකින් දැනුම් දීම හේතුවෙන් ගාල්ල අධිකරණ වෛද්‍ය ඒකකය අද (24) උදෑසන නොසන්සුන් වී තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් කොරෝනා මරණ සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛ හා ඒ සම්බන්ධ ගැසට් නිවේදන තවමත් වලංගු බවත් ඒ අනුව ක්‍රියා කරන ලෙසත් ඊයේ (23) ගාල්ල මූලස්ථාන පොලිසිය වෙත දැනුම් දී තිබිණි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම උපදෙස් දී තිබුණේ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙස නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරමිනි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම උපදෙස් අනුව දේහය ආදාහනය කිරීමට ඊයේ (23) රාත්‍රී කටයුතු සූදානම් කළ ද ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු පවසා තිබුණේ දඩල්ල ආදාහනාගාරය සඳහා රාත්‍රී මුදල් ගෙවිය නොහැකි බැවින් පසුදා මුදල් ගෙවන ලෙසයි. ඒ අනුව අද උදෑසන එම මුදල් ගෙවා තිබිණි.

ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඊයේ (23) දිනයේ සෞඛ්‍ය අධයක්ෂ ජනරාල්වරයා වෙත යවන ලද ලිපියේ දක්වා ඇත්තේ එම මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂකවරයා අදාල චක්‍රලේඛ අනුව කටයුතු කරන්න යැයි දැනුම් දී ඇතත් මියගිය අයගේ ඥාතින් දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මෙම දේහය කරාපිටිය මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීම සෞඛ්‍ය හේතූන් මත අහිතකර බැවින් ඥාතීන් විසින් එම මෘත ශරීර භාර ගෙන අදාල චක්‍රලේඛ අනුව අවසන් කටයුතු කරනතුරු මෘත ශරීඍ්‍ය ශීතාගාර පහසුක්ම සහිත කළුබෝවලි රෝහලේ මෘත ශරීරාගාරයේ තැබීමට අවශ්‍ය කටයුතු කර දෙන මෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සෞඛ්‍ය අධයක්ෂ ජනරාල්වරයා වෙතින් ඉල්ලා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම මෘත දේහය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට ගාල්ල නගරාධිපතිවරයා විසින් කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ පිළිබඳ ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ අධිකරණ නියෝගය සහ ඊට අදාලව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි දේහය ආදාහනය කිරීම සඳහා නගර සභා ආදාහනාගාරය සූදානම් කර ඊට අදාල මුදල් ද ග්‍රාම නිලධාරී වරයා විසින් ගෙවා අවසන් බවයි. ඒ අනුව දේහය කරාපිය ශික්ෂණ රෝහලේ සිට ආදාහනාගාරයට ගෙන ආ පසු ආදාහන කටයුතු සිදුකරන බව ද හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර මහතා මෙසේ කීවේය.

“ මේ සිරුර ආදාහය කිරීමට තීරණය කළ අවස්ථාවේ දී පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබුණා. අධිකරණයෙන් නියෝග කළා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න කියලා. ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිසියට පැහැදිලිව දැනුම් දී තිබුණා මීට පෙර නිකුත් කළ චක්‍රලේඛ අනුව කටයුතු කළ යුතු බව. ශීතාගාර පහසුකම් කතාව වෙනත් කාරණයක්. එය චක්‍රලේඛයක් හෝ මළ සිරුරු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් නොවෙයි. පොලිසියට අධිකරණයෙන් සහ ඊට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් ලැබී තිබෙනවා. එය ක්‍රියාත්මක නොකර නැවත නැවත්ත පොලිසිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් සහ සහයෝගය ඉල්ලීම ගැටලුවක්. අපිට මේ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ තබා ගත නොහැකියි. ඒ වගේම කොරෝනා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීමත් ප්‍රායෝගික නැහැ. මේ සිරුර සම්බන්ධයෙන් අධීකරණය දුන් නියෝගයත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් ක්‍රියාත්මක කිරිමත් සිදු නොවනවානම් වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වනවා.”

ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත යැවූ ලිපිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!