spot_img
spot_imgspot_img

ජිනා මැඩම් නිදහස්. ඇය කතුන් යෙදවූයේ ඇගේ වෘත්තියටමයි

පුවත්

විදෙස්

කාන්තාවන් ලිංගික ශ්‍රමියන් ලෙස යෙදවීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණයෙන් වසර 3 ක් සිරදඩුවම් ලැබ සිටි රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය එම චෝදනා වලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම විභාගකොට අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

ලිිංගික ශ්‍රමිකයකු ලෙස කටයුතු කරන තැනැත්තියකට එරෙහිව කාන්තාවන් ලිංගික ශ්‍රමයේ යෙදවීමේ චෝදනා ඉදිරිපත් කර නොහැකි බවද මෙම අභියාචන පෙත්සම විභාග කළ විනිසුරු මඩුල්ලේ බහුතරය වන විනිසුරු බුවනෙක අළුවිහාරේ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන නිකුත් කළ තීන්දු වල සදහන් වේ. විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

කොළඹ මහාධිකරණය මගින් 2012 වසරේ නොවැම්බර් 09 වැනිදා විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය ලිංගික ශ්‍රමිකයන් ලෙස කාන්තාවන් සැපයීමේ වරදට වරදකරු කරමින් වසර තුනක ලිහිල් සිර දඩුවමක් ලබා දෙන ලදී. එම දඩුවමට අමතරව රුපියල් 25,000ක දඩයක් නියම කෙරිණි.

මෙම තීන්දුවෙන් අගතියට පත් විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාය. මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් එම ඇපෑල ද නිෂ්ප්‍රභ කෙරිණි. ඉන් අනතුරුව විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය එකී අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කෙරිණි.

එම පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
 
විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන පෙනී සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!