ඇන්ටාක්ටිකාවේ චිලී පර්යේෂණ කඳවුරක 36 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඔවුන්, කොරෝනා වසංගතයට ගොදුරු නොවූ එකම මහාද්වීපය වූ ඇන්ටාක්ටිකාවෙන් හමුවූ පළමු කොරෝනා රෝගීන් කණ්ඩායමයි. ඒ අතර චිලී හමුදා සාමාජිකයින් 26 දෙනකු සහ නඩත්තු සේවකයින් 10දෙනකු සිටිති.
ඇන්ටාක්ටික් මහද්වීපයේ කඳවුරු 13ක් පිහිටා ඇති අතර ඉන් එක් කඳවුරක් වන ජෙනරල් බර්නාඩෝ ඕ’හිගින්ස් රික්වෙල්ම් පර්යේෂණ කඳවුරෙන් මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ. මහද්වීපයේ ස්ථිර පදිංචිකරුවන් නොමැති අතර පර්යේෂකයන් 1,000ක් පමණ සහ ඔවුන්ට සේවා සපයන පිරිසක් ශීත සෘතුවේ එහි රැඳී සිටිති.
රෝගීන් සියලු දෙනා චිලී හි පුන්ටා අරිනාස් නගරයට ගෙනගොස් ඇති අතර ඔවුන් සුවයෙන් පසුවන බව සඳහන් වේ.
ලොව ප්‍රබලම සුළං සහ ශිතලෙන් වැඩිම කාලගුණයක් සහිත ඇන්ටාක්ටිකාවේ වයිරසය ව්‍යාප්ත වීම භයානක තත්ත්වයක් බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ එහි වෛද්‍ය ප්‍රතිකාර පවා සීමිත බවයි.