මහ වැසි සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් එක් අයකු මියගොස් 04 දෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මියගොස් ඇත්තේ ගලේවෙල පදිංචි පුද්ගලයෙකි.
ඊසාන දිග මෝසම් සුළං සක්‍රීය වීමත් සමඟ ඇති වූ මහ වැසි හේතුවෙන් උතුරු , මධ්‍යම , වයඹ , නැගෙනහිර , ඌව සහ උතුරුමැද පළාත්වලට බලපෑම් එල්ලවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට එම පළාත්වල පවුල් 2,623 ක , පුද්ගලයෝ 8,021 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
ජලගැලීම් හේතුවෙන් මඩකලපුව චෙන්කල්ලඩි ප්‍රදේශයේ ගම්මාන 4 ක පීඩාවට පත් ජනතාව නිවාස අතහැර ඥාති නිවාස වලට ගොස් තිබේ.
සිත්තන්ඩ් ඉරණකුලම් ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 8 ක ප්‍රවේශ මාර්ග මේ වනවිට ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා එල්ලි වී ඇති බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.
පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක ජල මට්ටම්ද ඉහළ ගොස් තිබේ.
රාජාංගනය , දැදුරු ඔය සහ කළුගල්ඔය ජලාශවල වාන් දොරටු කිහිපයක් ද විවෘත කළ බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මහවැලි අධිකාරියට අයත් ජලාශ කිහිපයක ද ජල මට්ටම් ඉහළ යමින් පවතියි.
මේ අතර පොලොන්නරුව මඩකලපුව මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.