නව පාසල් වාරයේ ආරම්භය ජනවාරි 11 වැනි දා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
කෙසේ වුවත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදකලා කළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් මෙදින ආරම්භ නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
2020 අධ්‍යයන වර්ෂය අදින් (23) අවසන් කෙරිණි.
මෙම වර්ෂය අවසන් වනවිට සියලුම සිසුන් ඊළඟ පන්තියට උසස් කළ යුතු බවත්, ඒ අනුව 2021 වර්ෂයේ නව පාසල් වාරයේ දී සිසුන් උසස් කරන ලද පන්තියේ ඉගෙනුම ලැබිය බවද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.
යම් පාසලක 2020 වර්ෂයට අදාළ විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම්, 2021 වර්ෂයේ නව පන්තියේ පළමු වාරයේ මුල් මාස දෙක අතරතුර පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙළක් යොදාගනිමින් එම විෂය කොටස් ආවරණය කිරීමට පියවර ගන්නා මෙන් ද පළාත් බලධාරීන් හා විදුහල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.