spot_img
spot_imgspot_img

ආසාදිත මළ සිරුර නිසා කරාපිටියේ අධිකරණ වෛද්‍ය කටයුතු නවතී

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට තීරණය කළ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පවසති.

මේ හේතුවෙන් අද (23) කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත දේහ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකෙරෙන්නේ නැත. එමෙන්ම අධිකරණ වෛද්‍යවරු රිය අනතුරුවලින් තුවාල ලබන රෝගීන් පරීක්ෂා කිරීම හා විවිධ අතවරයන්ට පත්වන පුද්ගලයන්ට හා බීමත් රියදුරන් සම්බන්ධයෙන් වාර්තා නිකුත් කිරීම ඇතුළු සියළුම අධිකරණ වෛද්‍ය කටයුතු නවතා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් විමසීමේ දී රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය හා නීතිඥ යූ.සී.පී.පෙරේරා පවසා සිටියේ මෙම මෘත දේහය කොරෝනා ආසාදිත මෘතදේහයක් බවට තහවුරුවීමෙන් අනතුරුව එය හැකි ඉක්මණින් ආදාහනය කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා උපදෙස් දී තිබිය දී අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් මෙම දේහය ආදාහනය කිරීමෙ ප්‍රමාද වී ඇති බවයි. කොරෝනා වයිරසය සක්‍රියව පවතින එම මෘත දේහය ශීතකළ කන්ටේනර්වල තැබීමට ඇතැම් පිරිස් යෝජනා කරන බවත් එය කිසිසේත්ම ප්‍රයෝගික නොවන බවත් විශේෂඥ වෛද්‍ය පෙරේරා කීවේය.

“මේ මළ සිරුරෙන් අපි ඊයේ (22) දිනයේ දී ත් පීසීආර් පරීක්ෂණයක් සිදුකළා. ඒ පරීක්ෂණය අනුවත් ඒ සිරුරේ තවමත් කොරෝනා වයිරසය සක්‍රිය මට්ටමේ තිබෙනවා. එම සිරුරෙන් අපේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත්, හදිසි මරණ පරීක්ෂණ කර ගැනීමට දෛනිකව මෙම ඒකකයට පැමිණෙන සියලු දෙනාත් අවදානමට ලක්වෙලා තියෙනවා. මේ සිරුර තබාගැනීමට අපට අවශ්‍ය ශීතාගාර නැහැ. ඇතැම් ආගමික කණ්ඩායම් ශීතාගාර බාහිරින් ගෙනවිත් සවිකරන්න යෝජනා කරනවා. ඒ සඳහා අපට ඉඩ පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ මළ සිරුර ශීතාගාරයක තැබූ විට සති දෙකකට වැඩි කාලයක් කොරෝනා වයිරසය සිරුරතුළ සක්‍රියව පැවතීමේ අවදානමක් තිබෙනවා. මේ නිසා අපි සියලු දෙනාම තීරණය කළා මේ සිරුර ඉවත්කරන තුරු සේවයෙන් වැළකී සිටීමට”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!