spot_img
spot_imgspot_img

Z-Score තේරීමට එරෙහි පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පුවත්

විදෙස්

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු (Z-Score) අනුව ඉංජිනේරු සහ භෞතික විදයාපීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් රකන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙපත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීරණය කළහ.

බුවනෙක අළුවිහාරේ, එස්.තුරයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන තිදෙනාගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂෟඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් පිළිබඳ සලකා බැලීම පසුගිය දින තුනක් පුරා සිදුකෙරිණි.

අද (23) එම තීරණය ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අළුවිහාරේ විසින් මෙම පෙත්සම බහුතර විනිසුරුවන්ගේ එකඟත්වය ඇතිව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට තීරණය කළ බව දැනුම් දුන්නේය.

2019 වසරේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට විභාගය සමත් වූ සිසුන් 42කු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!