spot_img
spot_imgspot_img

“මුස්ලිම් මළ සිරුරු සමඟ තක්කඩි දේශපාලනය එපා” – ඥානසාර හිමි

පුවත්

විදෙස්

(වීඩියෝ දර්ශන සහිතයි)

මුස්ලිම් ආගමිකයන්ගේ මළ සිරුරු පිළිස්සීම තක්කඩි වැඩක් බවත් ආගමික විශ්වාසයක් වළලා දැමීමෙන් සමස්ථ සමාජයටම පිච්චෙන්නට සිදුවන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.

ඥානසාර හිමියන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

හිමියෝ වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“සම්ප්‍රදායික මිනිහගෙත් හිත පිච්චෙන මේ මළ මිනියක් අල්ලගෙන මේ ගොල්ලෝ පිස්සු කෙළිනවා. විශේෂඥ මණ්ඩලයක් පත්කරලා,  ඒ විශේෂඥ මණ්ඩලයේ ඉන්නේ, කවුද වෛද්‍යවරු. මොනවද ඒ ගොල්ලන්ගේ සුදුසුකම්? ඒ ගොල්ලන්ගේ නිර්දේශය දෙන්න. ඊළඟට  ආගමික කණ්ඩායම් එකතු කරන්න. ඒ අයට වාඩි වෙලා මොකක් ද මේකේ කළ යුත්ත නොකළ යුත්ත කියලා තීරණය කරන්න දෙන්න. නමුත් මේ ගැන වැඩපිළිවෙලක් පේන්න නැහැනේ. මෙතන රාජ්‍ය ප්‍රතිපත්තියක් ගන්නව එක වෙලාවකට පුච්චන්න කියලා තීරණය කරනවා. ආපහු ගෙනැල්ලා ශීතකරණ දානවා. මොකක්ද මේ තක්කඩි වැඩේ. 1983 දෙමළ සමාජයත් එක්ක ප්‍රශ්නයක් හදාගත්තා වගේම ආපස්සට හරවන්න බැරි ප්‍රශ්නයක් හදාගන්නවා මෝඩ විදියට මළ මිනී එක්ක දේශපාලනය කළොත් මේ ගොල්ලෝ. එක රටක එක නීතියක් ගැන අපි කතා කළා. ආණ්ඩුවත් ඒක කිව්වා. එහෙනම් මුස්ලිම් සමාජයත් එක්ක සාකච්ඡා  කරන්න උඹලා එකකද ඒකට කියලා අහන්න. ඒගොල්ලෝ කියයි අපි සේරටම එකඟයි අපිට මේ මිනී වළ දාන්න දෙන්න කියලා. මොකද මුස්ලිම් අයගේ ආගමික අයිතියක් ඒක.  හේතුව ඒ අය විශ්වාස කරනවා මේ මහපොළවේ ජන්මය ලබන්නේ මනුෂ්‍යයෙක් වෙන්නේ මේ පසෙන් කියලා ඒ නිසා පසටම පොහොර විය යුතුයි කියලා. ඒක මුසලිම් සංස්කෘතිය. ඔවුන්ගේ  ආගමික අයිතිය. මේ ආගමික අයිතිය වළ දාන කොට හැමෝම පිච්චෙනවා. ඒකයි භයානක අපි 2012 සිට මේ දක්වා අපි මුස්ලිම් අන්තවාදය කොහොාම ද වැඩෙන්නේ කියලා කිව්වා. මතක තියාගන්න දෙමළ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් මුස්ලිම් ප්‍රශ්නය ආගමික ප්‍රශ්නයක්. ආගමික ප්‍රශ්න සංවේදීයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!