spot_img
spot_imgspot_img

දකුණු පළාත‌ේ ආසාදිතයන් 714ක් දක්වා ඉහළට

පුවත්

විදෙස්

දකුණු පළාතෙන් අද (22) දිනයේ කොරෝනා ආසාදිතයන් 33 දෙනකු වාර්තා වී ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්තානය පවසයි.

ඉන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 10 දෙනකු හා බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසනේ ආසාදිතයන් 05 දෙනකු වාර්තා වී ඇත.

මාතර දිස්ත්‍රික්කයෙන් අද වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 14කි. ඉන් 13 දෙනකුම දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් වාර්තා වී ඇති අතර අකුරැස්සෙන් ද එක් ආසාදිතයකු වාර්තා වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 02ක්, අම්බලන්තොටින් හා අගුණුකොළපැලැස්සෙන් එක් ආසාදිතයකු බැගින් වාර්තා වී ඇත.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ අද වාර්තා වූ ආසාදිතයන් 33 දෙනා සමඟ දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 714ක් දක්වා ඉහළ ගොස් ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 415 දෙනෙකි. මාතර දිස්ත්‍රික්කයෙන් මේ වනවිට වාර්තාවන ආසාදිතයන් ගණන 238කි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 61කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!