spot_img
spot_imgspot_img

එංගලන්තයෙන් එන සියලු දෙනාට PCR. ඉන්පසු නිරෝධායනයට

පුවත්

විදෙස්

එංගලන්තයේ සිට අද (22) ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමෙන් පසු හෝටල්වල නතර කර දින 14ක් නිරෝධායනය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එක්සත් රාජධානියේ පැතිරයන කොරෝනා නව ප්‍රබේදය නිසා මෙරටට මගීන් පැමිණීම තාවකාලිකව නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තීරණය කිරීමේ පසු මෙම පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි. සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේ නිරෝධායනය අවසන්වීමෙන් පසු තවත් දින 14ක කාලයක් නිවසේ නිරෝධායනය විය යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම එංගලන්තයේ සිට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන යානාවල කාර්ය මණ්ඩල ද නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට ද තීරණය කර ඇත.

දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග අද (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී කොවිඩ් නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් පසු මේ තීරණයට එළැඹ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!