spot_img
spot_imgspot_img

ළමා ජාවාරමක සුළ මුල හෙළි වේ

පුවත්

විදෙස්

බිළිඳුන් විකිණීමේ ජාවාරමක් සිදුකළ බවට සැකපිට මාතලේ ප්‍රදේශයේ දී පුද්ගලකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ මෙම පුද්ගලයා සැකකරු එම ජාවාරම මොරටුව ප්‍රදේශයේ දී සිදුකළ බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.

වීඩියෝ දර්ශන රැගත් දැන්වීමක් අන්තර්ජාලය ඔස්සේ බෙදාහරිමින් අතවරයන්ට ලක්ව ගැබ්ගන්නා කාන්තාවන් සමඟ ගිවිසුම් ගත වී දරුවන් ලැබුණු පසු එම දරුවන් තුන්වැනි පාර්ශවයකට විකිණීම සිදුකර ඇතැයි අනාවරණය වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.

විදෙස් රටවල බේබි ෆාම් යනුවෙන් හැඳින්වෙන ක්‍රමය ඔහු භාවිතා කර තිබේ. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් කරන ලද විමර්ශන මගින් මේ හා සම්බන්ධ වූ කාන්තාවන් පිරිසක් ද හඳුනාගෙන තිබේ.. එයින් 05 දෙනකුගේ දරුවන් ඒ වනවිටත් තුන්වැනි පාර්ශව විසින් ලබාගැනීමට කටයුතු කර තිබූ බවත් තවත් දරුවන් තිදෙනකු මව්වරුන් සමඟ සිටි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මේ අතර සැකකරු සමඟ ගිවිසුම් ගත වූ තවත් ගැබිනි මව්වරු 12 දෙනකු ද හඳුනාගෙන ඇත.

මෙම පුද්ගලයා විසින් බිළිඳු දරුවන් 30 දෙනකු පමණ මේ වනවිට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.

සැකකරු අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!