spot_img
spot_imgspot_img

බ්‍රිතාන්‍යයේ සිට ගුවනින් ඒම නවතා දමයි

පුවත්

විදෙස්

එක්සත් රාජධානියේ සිට මෙරටට ගුවන්යානා පැමිණීම හෙට (23) අළුයම 2.00 සිට නවතා දැමීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එහි සභාපති උපුල් ධර්මදාස කියා සිටියේ කොරෝනා වයිරසයේ නව බ්‍රිතාන්‍යයේ පැතිර යාමත් සමග ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බවයි. 
ශ්‍රී ලංකන් ගුවන් සේවය අයත්  ගුවන් ගමන් ඉදිරි දිනවලදී සිදු නොවුණ ද වෙනත් වාණිජ ගුවන් සේවා සමාගම් විසින්  සැලිකිය යුතු ප්‍රමාණයකින් බ්‍රිතාන්‍යයේ සිට ගුවන් මගීන් රැගෙන එන හෙයින් , සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවද උපුල් ධර්මදාස කීවේය.  
 
ඒ අනුව හෙට (23) අලුයම 2.00 සිට බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලු ගුවන් යානා මෙරටට පැමිණීම අත්හිටවූ බවද හෙතෙම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!