-4.8 C
New York

ඉන්දියාවත් ගුවන් ගමන් නවතා දමයි

Published:

කොරෝනා වයිරසයේ නව ප්‍රබේදය රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ඉන්දීය රජය ද තීරණය කර තිබේ.

දෙසැම්බර් 23 වනදා සිට පැනවෙන මෙම තහනම දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වන බව ඉන්දීය බලධාරීහු පවසති.

“ඉන්දීය රජය විසින් කරන ලද ගැඹුරු සමාලෝචනයකින් පසුව බ්‍රිතාන්‍යයෙන් පැමිණෙන ගුවන් ගමන් සඳහා දින 10ක අත්හිටුවීමක් අප විසින් පනවා තිබේ. රටේ පවතින තත්ත්වය අනුව අත්හිටුවීමේ කාලය අප නැවත තක්සේරු කරන්නෙමු.” යනුවෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

බ්‍රිතාන්‍යයේ පැතිරෙන මෙම නව ප්‍රබේදය ඉන්දියාවෙන් මෙතෙක් සොයාගෙන නොමැති නමුත් පූර්වාරක්ෂාවක් වශයෙන් මෙම පියවර අනුගමනය කරන බව මේ සම්බන්දව අදහස් දක්වමින් ඉන්දියානු සෞඛ්‍ය ලේකම් රාජේෂ් භූෂාන් මහතා පවසයි.

ඉන්දියාවේ මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ්කාබදධ අධික්ෂණ කණ්ඩායමේ හදිසි රැස්වීමකින් පැය කිහිපයකට පසු මෙම තීරණය ගෙන තිබේ.

දෙසැම්බර් 23 වනදාට පෙර ගුවන් ගතකළ යානා වලින් පැමිණෙන මගීන් අනිවාර්ය පීසීආර් පරීක්ෂණයකට භාජනය විය යුතු බවද පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙන තුරු ගුවන්තොටුපලින් පිටතට යෑමට ඉඩ නොදෙන බවද නිවේදනයේ දැක්වේ.

මීට අමතරව මහාරාෂ්ට්‍ර සහ කේරළ වැනි සමහර ප්‍රාන්ත වල දැඩි සීමා ප්‍රකාශයට පත්කර තිබේ.

මේ වනවිට ලෝකයේ රටවල් 40ක් පමණ බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related articles

Recent articles

spot_img