කොරෝනා වයිරසයේ නව ප්‍රබේදයක් පැතිරයාමේ අවදානමක් පිළිබඳ එංගලන්තයෙන් වාර්තාවීමත් සමඟ ලෝකයේ රටවල් කිහිපයක් තම දේශසීමා වසා අඟුළු දමද්දී ශ්‍රී ලංකාව ලබන 26 වැනි දා සිට රට ලෝකයට විවෘතකරන බව පවසයි.
පර්යේෂකයන් පවසන්නේ මෙම නව ප්‍රබේදය මෙතෙක් හඳුනාගෙන තිබූ ප්‍රබේදයට වඩා 70% වේගයෙන් පැතිරයන බවයි.
දැනටමත් ඔ්ස්ට්‍රේලියාවෙන් එම වයිරස ප්‍රබේදය වාර්තා වී ඇති බැවින් එය ලෝකය පුරාම පැතිරයාමේ දැඩි අවදානමක් ඇති බව ද ශ්‍රී ලංකාවට ද පැමිණීමට ඉඩ ඇති බව ද වෛද්‍ය රාසායනාගාර තාක්ෂණ විද්‍යා සංගමයේ නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න පවසයි.
මෙම වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් දැනටමත් අසල්වැසි ඉන්දියාව, ජර්මනිය, ඉරානය, ඉතාලිය, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, පෝලන්තය ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක් මේ වනවිට එක්සත් රාජධානයිට සිදුකරන ගුවන් ගමන් නවතා දමා ඇති අතර දේශ සීමා පවා වසා රට අඟුළු දමා තිබේ.
දැනටමත් කොරෝනා වයිරසයේ නව ප්‍රබේදය ඩෙන්මාර්කයෙන් ද වාර්තා වී ඇත.
මේ පිළිබඳ අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ ලෝකය පුරාම පළමුවැනි රැල්ලට සාපේක්ෂව දෙවැනි රැල්ලේ දැකිය හැකි රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බවයි. මේ නිසා එය අධි වසංගතයක් විය හැකිය යන පුරෝකථනයක සිට තීන්දු තීරණ ගත යුතු බව ද හෙතෙම පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාවේත් මේ තත්ත්වයන් ඉතා සමීපව අධ්‍යයනය කරමින් රටක් විදියට අප කොහේටද ගමන් කරන්නේ කියා තීරණය කළ යුතු බව ද ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කීවේය.
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව වයිරසය පිළිබඳ දැඩි අවධානයකින් පසුව වන බවත් කොවිඩ් කමිටුවේ දී ඒ පිළිබඳ සාකච්ඡා කරන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
ලබන 26 වැනි දා සිට කටුනායක ගුවන්තොටුපොළ සංචාරකයන් සඳහා විවෘත කරන බව රජය පවසයි.