කොරෝනා ආසාදනය වීමෙන් මියගිය තවත් පුද්ගලයන් 05 දෙනකුගේ තොරතුරු ලැබී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඒ අනුව මෙරට සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇති පුද්ගලයන් පිළිබඳ විස්තර පහතින් දැක්වෙයි.
- වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි වයස අවුරුදු 68ක පිරිමි පුද්ගලයෙක් දෙසැම්බර් 17 වැනි දා බන්ධනාගර රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.
- කොළඹ 15 පදිංචි වයස අවුරුදු 55ක පිරිමි පුද්ගලයකු දෙසැම්බර් 19 වැනි දින කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ උග්‍ර වකුඩු ආසාදනය හා කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.
- දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 77ක් වූ පිරිමි පුද්ගලයකු දෙසැම්බර් 18 වැනි දා මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා සමඟ ඇති වූ ලේ විෂවීමක් හා හෘද රෝගී තත්ත්වයකි.
- මග්ගොන පදිංචි 63 හැවිරිදි කාන්තාකොළඹ 1වක් 2020 දෙසැම්බර් 19 වැනි දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිසා ඇතිවූ ලේ විෂවීම, දියවැඩියාව හා අධි රුධිර පීඩනය සමඟ හෘද රෝගී තත්ත්වයකි.
- කොළඹ 10 පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රේහලට මාරුකර යවා ඇති අතර දෙසැම්බර් 20 ැවනි දින මයිගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයකි.