-2.5 C
New York

හදවත නැවතුණු අලි පැටවාට යළි ජීවය දෙයි

Published:

(වීඩියෝ දර්ශන සහිතයි)

හෘද ක්‍රියාකාරීත්වය නැවතී මියයමින් සිටි කුඩා අලි පැටවකුට යළි ජීවය දීමේ අපූරු පුවතක් තායිලන්තයෙන් වාර්තා වෙයි.

මෙය සිදුකර ඇත්තේ තායිලන්තයේ ගලවා ගැනීමේ සේවකයකු වන මානා ශ්‍රීවාට් විසිනි. තායිලන්තයේ නැගෙනහිර පළාතේ චාන්තබුරි හි සංචාරයේ යෙදුණු පිරිසක් ගමන් ගත් යතුරුපැදියක අලි පැටවකු හැපී අනතුරට පත්ව තිබිණි. මෙය සිදුව ඇත්තේ පසුගිය ඉරිදා (20) දින රාත්‍රියේය.

අනතුරට ලක්වූ අලි පැටවා පසෙකට වැටී සිටි අතර යතුරුපැදි කරුද පසෙකට විසිවී බිම වැතිරී සිටියේය. අනෙක් යතුරුපැදි කරුවන් තම සඟයාට උදව් කරද්දී ශ්‍රීවාට් අලි පැටවා අසළට පැමිණ අලියාගේ හෘදය වස්තුව නැවත පණ ගැන්වීම සඳහා හෘද පිරිමැදීම් කරන අයුරු වීඩියෝවේ දැක්වේ.

විනාඩි කිහිපයකට පසු එතෙක් නිසොල්මන්ව සිටි අලි පැටවා යළි ජීවය ලබයි. පසුව මේ දෙදෙනාම ප්‍රතිකාර සඳහා වෙනත් ස්ථානයකට ගෙනගොස් ඇත.

මේ පිළිබඳ ශ්‍රීවාට් මෙසේ කියයි.

“ජීවිත බේරාගැනීම මගේ රාජකාරිය. නමුත් කිසිම දවසක අලියෙකු මේ ආකාරයෙන් බේරාගැනීමට හැකිවේයැයි සිතුවේ නැහැ. අලි පැටවා අනතුරට ලක්වූ මොහොතේ ඒ අලි අම්මා අනෙක් සඟයන් කැඳවමින් කෑ ගසන ශබ්දය මගේ හදවත සසළ කළා. මා වීඩියෝ දර්ශනයක දැක තිබුණා අලියාගේ හදවත තිබෙන ප්‍රදේශය ඒ නිසා හදවත නතර වී සිටි මේ අලි පැටවා බේරාගැනීමට මම දැඩි උත්සාහයක් ගත්තා.”

විනාඩි 10ක පමණ හෘද පිරිමැදීමෙන් පසු ආලියා නැගී සිටියේය. තම පැටවා යළි ශබ්ද නගන බව ඇසුණු වහාම අලි අම්මා තම සඟයන් සමඟ ඒ ස්ථානයට පැමිණ තිබිණි. එසේ වුව ද අලියාට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යවනු ඇතැයි සිතූ ඔවුන් පැටවා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට කටයුතු කර තිබිණි.

ශ්‍රීවාට් පවසන්නේ අනතුරට ලක්වී පුද්ගලයාටත් අලි පැටවාටත් බරපතල තුවාල නොමැති බවයි.

“අලි පැටවා නැවත චලනය දක්වන විට මට හැඬුම් ආවා. ඇත්තටම ලොකු සතුටක්. මාර්ග අනතුරු දුසිම් ගණනකට අවුරුදු 26ක් පුරා මා මැදහත් වී සිටියත් හෘද පිරිමැදීමකින් යළි ජීවිතය ලබා ගැනීමට හැකිවූ එකම සිද්ධිය මේ අලි පැටියා බේරාගැනීම පමණක් බවයි.”

https://www.reuters.com/video/?videoId=OVD9YGYG1&jwsource=em

Related articles

Recent articles

spot_img