සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කරන්නේ යැයි තමන් පැවසූ බව කියන කතාව අර්ථය විකෘති කරන ලද්දක් යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ ඩිජිටල් මාධ්‍ය භාවිතාකරන ඇතැම් බහුජාතික සමාගම් සිදුකනර ආක්‍රමණකාරී වැඩපිළිවෙලට එරෙහිව නියමනයක් ක්‍රියාත්මක කරන්නේ යැයි තමන් පැවසූ බවයි. රජයේ අරමුණ වන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමක් නොවන බවත් ඇතැම් සමාගම් මෙරට ව්‍යාපාරික සමාගම්වලට හානිකර අයුරින් පවත්වාගෙන යන කටයුතු නියාමනය කිරීම බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙවැනි නියාමන වැඩපිළිවෙළක අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන හිමිකරුවන් පෙන්වා දී ඇති බව ද අමාත්‍යවරයා සදහන් කරයි. ඩිජිටල් තාක්ෂණික මෙවලම් ඔස්සේ බහුජාතික සමාගම් නිසා මෙරට ධනය විදේශයන්ට ගලායාම බරපතළ ගැටලුවක් වී ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා නිකුත් කළ විශේෂ නිවේදනයක දක්වා ඇත. එබැවින් විදේශීය ඩිජිටල් තාක්ෂණ ආයතන ලියාපදිංචි කිරීම ඔස්සේ නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී කිසිදු විටෙක සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචියක් නොකරන බවද අමාත්‍යවරයා කියා සිටිනවා.