ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර රැස්වීම් ගණනාවකට සහභාගී වී නිරෝධායන නීති උල්ලංඝනය කර ඇතැයි තලවාකැලේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණවර්ධන පවසයි.
මෙම සභාපතිවරයා ගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා ලබාගෙන ඇත්තේ පසුගිය 16 වැනි දා ඔහු පදිංචි ආගරපතන ඇල්බියන් කෝන්ෆිල්ඩ් වතු යායේ දී ය. එහි පරීක්ෂණ වාර්තා ඊයේ (20) ලැබී තිබිණි. පීසීආර් පරීක්ෂණයෙන් පසු සභාපතිවරයා සහ පවුලේ සාමාජික සාමාජිකාවන් ස්වයං නිරෝධායනයට යොමු කර සිටිය දී 17 හා 18 දෙදින සභාපතිවරයා දේශපාලනඥයන් ද සහභාගී වූ රැස්වීම් ගණනාවකට සහභාගී ළුී ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී ඇත.
එම රැස්විම් වලට නුවරඑළිය,තලවාකැලේ ලිදුල ,කොටගල ,ආගරපතන ,නොර්වුඩ්, මස්කෙලිය ,අඹගමුව යන ප්‍රාදේශිය සභා සහ නගර සභා වල සභාපතිවරුන් , නගරාධිපතිවරුන් , නාගරික ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් ගනනාවක් සහභාගි වි ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කල ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එරෙහිව නුවරඑළීය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කරන බවත් ,අසාදිත සභාපතිවරයාගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කළ බවත් තලවාකැලේ ලිදුල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරීවරයා කීවේය.