-2.8 C
New York

නාසය කැඩුණු රියදුරුට කොරෝනා

Published:

කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නාසය කැඩන්න පහර දී පළා ගිය පුද්ගලයකු සොයා කටුගස්තොට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. කටුගස්තොට මාතලේ මාර්ගයේ දී යතුරුපැදියක පිටුපස පුද්ගලික බසයක් ගැටී ඇති අතර යතුරුපැදි කරුගේ මස්සිනා එතැනට පැමණ බසයේ රියදුරුට පහර දී තිබේ.

නාසයට සිදුවූ තුවාල හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති අතර එහි දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ තුවාල ලැබූ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇති බවයි. එම රියදුරාගේ නාසයට හා මුඛයට බරපතල තුවාල සිදුව තිබිණි.

රෝහලේ වෛද්‍යවරු විසින් මේ බව පොලිසියට දැනුම් දී ඇත. වෛද්‍යවරු පවසන්නේ රියදුරාට පහර දුන් පුද්ගලයාගේ අතේ කොරෝනා ආසාදිත රියදුරුගේ රුධිරය හා ඛේඨය තැවරී ඇති ැවින් ඔහු ද වෛරස ආසාදිතයකු වීමට ඉඩ ඇති බවයි.

මේ හේතුවෙන් එම පුද්ගලයා සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත. කටුගස්තොට පොලිසියේ රථවාහන අංශයෙන් මෙම අනතුර සිදුවූ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් තිදෙනකු ද මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

Related articles

Recent articles

spot_img